කොළඹ MRCC ආයතනයේ සම්බන්ධීකරණයෙන් බේරාගත් රෝගාතුර ධීවරයා මාරු කිරීමට නාවික හමුදාව සහය

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයේ දේශීය බහුදින ධීවර යාත්‍රාවක ගමන් කරමින් සිටියදී ජීවිත අවදානමට ලක්ව සිටි රෝගී ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහය විය. කොළඹ සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC) සම්බන්ධීකරණය මත මුහුදු ප්‍රදේශයේදී වෙළෙඳ නෞකාවක් මඟින් ධීවරයා ගොඩට ගෙන ඇත. 2024 ජූලි 24 වන දින ගොඩබිමට ගෙන ඒමෙන් පසු, ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන යන ලදී.
දේශීය බහුදින ධීවර යාත්‍රාව “නෙතුම් පුතා 03” (Reg No. IMUL-A- 0843 TLE) ධීවරයින් 06 දෙනෙකු සමඟ 2024 ජූලි 04 වන දින ධීවර මුහුදු ගමනක් සඳහා නිල්වැල්ල ධීවර වරායෙන් පිටත් වූ බව වාර්තා විය. මේ අතර, ධීවර යාත්‍රාවේ සිටි කාර්යමණ්ඩලයෙකු මුහුදේදී විපතට පත්ව සිටින බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR) විසින් නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත MRCC Colombo වෙත දැනුම් දුන් අතර ඔහු ප්‍රතිකාර සඳහා ගොඩබිමට ගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහය ඉල්ලා සිටියේය.
මේ අතර වෙළඳ නෞකාවක් ට්‍රෝලර් යාත්‍රාව තිබූ ස්ථානයට යොමු කරන ලදී. කොළඹ MRCC ආයතනයේ සහය ඇතිව වෙළඳ යාත්‍රාව මගින් ධීවරයා ගොඩ ගැනීමට සමත් වූ අතර අද උදෑසන වන විට ප්‍රථමාධාර ලබා දෙමින් ඔහු ගාල්ල  මුර සංචාර සීමාව (OPL) වෙත රැගෙන එනු ලැබීය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.