උතුරු කොරියාව විසින් එවන ලද අපද්‍රව්‍ය රැගත් බැලූන දකුණු කොරියාවේ සෝල් අගනුවර ජනාධිපති පරිශ්‍රයට ගොඩ බැස ඇති බව බලධාරීහු පවසති.පියාසර තහනම් කලාපයක් ලෙස නම් කර ඇති දකුණු කොරියානු නායකයාගේ කාර්යාලය බැලූනවලට හසු වූ පළමු අවස්ථාව මෙයයි.
මෙම බැලූන එකතු කිරීම සඳහා රසායනික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී යුද ප්‍රතිචාර කණ්ඩායමක් යවා ඇති බව ජනාධිපති ආරක්ෂක අංශය පවසයි. ඒවා කිසිදු දූෂණයක් හෝ ආරක්ෂිත අවදානමක් නොමැති බව සොයා ගන්නා ලදී.
බැලූන සෝල් හි අනෙකුත් ප්‍රදේශවලට ද ගොඩ බැස්ස වූ අතර, නිලධාරීන් නිවැසියන්ට බැලූන ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් “ඒවා ළඟම ඇති හමුදා ඒකකයට හෝ පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත්” පවසති.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් රොයිටර් පුවත් සේවයට පැවසුවේ බටහිර දෙසින් හමන සුළඟත් සමඟ දකුණට එල්ල වූ බැලූන අගනුවර පිහිටා ඇති රටේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන උතුරු ග්යොංගි පළාතට ගොඩබෑමට ඉඩ ඇති බවයි.
දකුණු කොරියාවේ හමුදාව උත්සන්න වන දියත් කිරීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් දින කිහිපයකට පසුවය මෙම සිද්දිය වර්තාවිය. (විදේශ ආයතන)