නේපාලයේ කත්මණ්ඩු අගනුවර ගුවන්ගත වීමේදී පුද්ගලයන් 19 දෙනෙකු සමඟ බදාදා උදෑසන ගුවන් යානයක් කඩා වැටී ඇති බව ගුවන්තොටුපල නිලධාරියෙකු උපුටා දක්වමින් කත්මන්ඩු පෝස්ට් පුවත්පත වාර්තා කළේය.
සෞර්‍යා ගුවන් සේවයට අයත් යානය පෙරවරු 11.00 ට පමණ (GMT 0515 GMT) අනතුරට පත් වූ අතර පොලිසිය සහ ගිනි නිවන භටයන් ගලවා ගැනීමේ කටයුතුවල නිරත වූ බව පුවත්පත පවසයි.
ගුවන් තොටුපළ ප්‍රකාශක ප්‍රේම්නාත් තාකූර් ගුවන් තොටුපොල ද්ත්ත උපුටා දක්වමින් පවසුවේ“ගුවන් කාර්ය මණ්ඩලය ද ඇතුළුව පුද්ගලයන් 19 දෙනෙකු එහි සිටි බව ය.
.
ගුවන් යානය හිමාලයේ වැදගත් සංචාරක මධ්‍යස්ථානයක් වන “පොකරා” (Pokhara) වෙත ගමන් කරමින් තිබුණි.
.නේපාලයේ ගුවන් කර්මාන්තය මෑත වසරවලදී වේගයෙන් වර්ධනය වී ඇති අතර, භාණ්ඩ හා මිනිසුන් රැගෙන යාමට අපහසු ප්‍රදේශ අතර මෙන්ම ,දේශිය, විදේශීය කන්දු නගින්නන් ද් රැගෙන යයි.
යුරෝපා සංගමය සිය ගුවන් සීමාවෙන් සියලුම නේපාල ගුවන් යානාවලට ආරක්ෂාව සලසා දීම තහනම් කර ඇත.
මූලාශ්රය: AFP