පොලිස්පතිට ලබාදුන් නියෝගය ගැන කැබිනට් ප්‍රතිචාරය

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර දින දෙකක් ඇතුළත පිළිතුරු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීම පැවැත්විණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, එහි නීතිමය සංකූලතා කිහිපයක් මතුව ඇති බවට ද අදහස් පළ වී තිබුණා.

ඒ අනුව එම නියෝගය සම්බන්ධයෙන් පවතින නීතිමය සංකූලතා පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි දින දෙක ඇතුළත එම නියෝගයට ප්‍රතිචාර දැක්වීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ඊයේ සවස අමාත්‍ය මණ්ඩලයට ලැබුණු අතර, එහි නීතිමය බලපෑම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ඔවුන්ගේ අදහස බව ද කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය. එබැවින් ඉදිරි දින දෙක තුළ ප්‍රතිචාර දැක්විය යුතු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය බවද අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.