ලංකාවට පොහොර ලබාදෙන අමුතු පුණ්‍යායතනය කුමක්ද?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් කටාර් පුණ්‍යායතනය ගොවි පවුල් 3746 කට යූරියා, TSP සහ MOP පොහොර නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කටාර් පුණ්‍යායතන සංවිධානය මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා සහ එම සංවිධානයේ රට අධ්‍යක්ෂ මහමුද් එස්.එම්. අබුකාලිෆ් එයට අත්සන් කළේය.

කටාර් පුණ්‍යායතනයේ නියෝජිතයින් මීට පෙර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර අමාත්‍යවරයා ඊට පූර්ණ දායකත්වය ලබා දුන්නේය. මෙම අවබෝධතා ගිවිසුමට අනුව කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්ක තුනේ ගොවීන් 3476 දෙනෙකුට යූරියා, ටීඑස්පී සහ එම්ඕපී පොහොර නොමිලේ ලබාදීමට සැලසුම් කර ඇත. මෙම ගිවිසුමට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගොවීන් 1476ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ගොවීන් 1000ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ගොවීන් 1000ක් තෝරාගෙන ඇත. තෝරාගත් ප්‍රතිලාභී ගොවි පවුලකට යූරියා, TSP සහ MOP පොහොර කිලෝග්‍රෑම් 25 බැගින් ලබා දෙනු ලැබේ. මේ සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂිකර්ම සංවර්ධන නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ගෙන් තොරතුරු ලබාගෙන එම කටයුතු සිදු කර ඇත. Qatar Charity යනු දැනට රටවල් 65 ක මානුෂීය සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවිධානයකි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය මෙන්ම ආහාර සුරක්ෂිතතාව ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව එම සංවිධානයේ නියෝජිතයා සඳහන් කළේය.

Related posts

Sri Lankan Airlines : නව සභාපති සැලැස්ම හෙළි කරයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළට

අර්ජුන් ඇලෝසියස්ට මාස හයක සිරදඬුවම්