විජයදාස ජනපති අපේක්ෂකත්වය ප්‍රකාශ කරයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවා ගත් සන්ධානයක් යටතේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව නිවේදනය කළේය. තම මැතිවරණ ලාංඡනය අගෝස්තු පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ආචාර්ය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) කොළඹ 7 ආකේඩ් නිදහස් චතුරශ්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම තම අමාත්‍ය ධුරවලට පටහැනි නොවන බව ඔහු අවධාරණය කලේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 90%කට අධික පිරිසක් තමන් සමඟ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක්වෙමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. නීතියේ ආධිපත්‍යය රකින සහ වත්මන් සහ අනාගත පරපුරට ආරක්ෂාව සපයන රටක් බවට රට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් තමාට සහයෝගය දක්වනු ඇතැයි ආචාර්ය රාජපක්ෂ විශ්වාසය පළ කළේය. රටේ ඉදිරි ගමන ගැන කිසිම බලාපොරොත්තුවක් නැති ආත්මාර්ථකාමී දේශපාලඥයන් කිහිප දෙනෙකු වෙනුවෙන් මෙම තීරණ ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන ජනතාවගේ බලාපොරොත්තුව තමන් දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.