ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් විසඳුම් සපයන්නා වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය.
2023 වසරේ දී දිවයින පුරා සිටින බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලය රුධිර පයින්ට් 3,658කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කළ අතර 2011 වසරේ සිට මේ වන විට ජාතික රුධිර බැංකුව වෙත රුධිර ලීටර් 46,000කට අධික ප්‍රමාණයක් දායක කර ඇත.
ශ්‍රී ලංකාවේ සෑම රුධිර පරිත්‍යාගශීලීන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු බ්‍රැන්ඩික්ස් පවුලට අයත් වන අතර, රුධිර පරිත්‍යාග ව්‍යාපාරය සෑම බ්‍රැන්ඩික්ස් පහසුකමකදීම බොහෝ බලාපොරොත්තු වූ වැඩසටහනකි. බ්‍රැන්ඩික්ස් මඩකලපුව කණ්ඩායම නැවත වරක් පයින්ට් 800කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කළ විශාලතම පරිත්‍යාගශීලියා බවට පත් වූ අතර ඉන් පසුව පොළොන්රුව සහ අවිස්සාවේල්ල යන ස්ථාන හිමිවිය. බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතයන් 24,200 කට අධික සංඛ්‍යාවක් මෙම රුධිර සංග්‍රහයට සහභාගී වූහ.
බ්‍රැන්ඩික්ස් ජාතික රුධිර පාරවිලයන සේවයේ දිගුකාලීන හවුල්කරුවෙකු වන අතර, ‘ජිෆ්ට් ඔෆ් ලයිෆ්’ ට අමතරව, සමාගම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයට තීරණාත්මක යටිතල පහසුකම් සහ වෛද්‍ය සේවා උපකරණ සමඟින් ද සහාය ලබා දී ඇත.
රට පුරා රෝහල්වල පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව සැපයීමට ද සමාගම සහාය වේ.