ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් සහ සහයකයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස්, වඩුල්ලවත්ත ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (25) සවස ත්‍රිරෝද රථයක් තුළදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) අලුයම මිය ගියාය.
තුවක්කුකරුවන් විසින් ඝාතනය කර ඇති කාන්තාව 56 හැවිරිදි “සුනීතා” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බවත්, වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇයගේ සහචරයෙකු බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
බ්‍රහස්පතින්දා සවස යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාව ඉලක්ක කර වෙඩි තබා තිබුණා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාව සහ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී රියදුරු මියගොස් තිබේ. එම කාන්තාවට වෙඩි පහක් පමණ වැදී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇයට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවද අනාවරණය වී තිබේ.
එම අවස්ථාවේ ඇය සමඟ සිටි ත්‍රිරෝද රථ රියදුරු කේ.ආර්.දර්ශන් කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම කාන්තාවගේ ඥාතියෙකු වන අතර ඇය විසින් පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්වලදී ඇයගේ සහායකයා ලෙස කටයුතු කර ඇත.
වෙඩි තැබීමෙන් පසු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දමා ගිය වෙඩික්කරුවන් දෙදෙනා පැමිණ ඇති යතුරුපැදියක් පොලිසිය විසින් ඊයේ අලුයම සොයා ගත් අතර රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේය. “කුඩු සුනීතා” මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට බාධා කිරීම සහ ඔවුන්ට ඔත්තු දීම නිසා උරණ වූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට පොලිසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.