ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ පුරවැසියන්ගේ සඳහා උපරිම ආරක්ෂාව

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ පුරවැසියන්ගේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
ආරක්ෂක කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ඊයේ (26) රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදී ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පෙරවරුවේ පැවති මෙම හමුව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගි වූහ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතනවල ප්‍රධානීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සියලු කටයුතු සිදුකිරීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. රට ස්ථාවර කිරීමට දායක වෙමින් ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කිරීම සඳහා අමාත්‍යාංශයට සැලකිය යුතු තීරණ ගැනීමට සිදු වූ පසුගිය වසර දෙකේ සංකීර්ණ කාල පරිච්ඡේදය ඔහු පිළිගත්තේය.
ඒ සඳහා කැප වූ සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිතුමා වෙනුවෙන් කෘතඥතාව පළ කළ අමාත්‍ය තෙන්නකෝන් මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයට සහ එහි ආයතනවලට කාර්යක්‍ෂමව කටයුතු කරන ලෙසට උපදෙස් දුන්නේය. කමිටු රැස්වීමේදී ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර සාමාජිකයින් විසින් මතු කරන ලද ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. .

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.