ටොරොන්ටෝ මහා විහාරයේ මුල්ගල තැබීමේ උත්සවයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සහභාගී වේ

2024 ජූලි 21 වන දින ටොරොන්ටෝ මහා විහාරයේ මහා සංඝරත්නය සඳහා නව නිවහන ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් තුෂාර රුද්‍රිගු මහතා සහභාගී විය.
ටොරොන්ටෝ නගරයේ තවත් බෞද්ධ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන් සහ ශ්‍රී ලාංකීය කැනේඩියානු ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයේදී කොන්සල් ජනරාල්වරයා පැවසුවේ 1978 වසරේ ආරම්භ කරන ලද ටොරොන්ටෝ මහා විහාරය කැනඩාවේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය බවයි. ටොරොන්ටෝ ශ්‍රී ලාංකික කැනේඩියානු ප්‍රජාවගේ එකමුතුකම ශක්තිමත් කිරීම සඳහා විහාරාධිපති අතිපූජ්‍ය අහංගම රතනසිරි මහා නාහිමිපාණන් වහන්සේ ඇතුළු ටොරොන්ටෝ මහා විහාරවාසී මහා සංඝරත්නයේ ප්‍රමුඛ කාර්යභාරය සහ ප්‍රජා සත්කාරය එතුමා අගය කළේය.

Related posts

Liam Payne – හිටපු One Direction සාමාජිකයා, 31 දී මියයයි.

මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් : රජයෙන් විශේෂ නිවේදනයක්

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්