බේකරි හිමියන් පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුයි.

පසුගිය දා විදුලිය සහ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.
ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක සිල්ලර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ගෑස් සහ විදුලි මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබා දෙන ලෙස එම සංගමය සියලුම සිල්ලර හා බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටී.
ඉන්ධන, ගෑස්, විදුලිය හෝ තිරිඟු පිටි මිල වැඩිවීමට සමගාමීව සාමාන්‍යයෙන් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යන බැවින් මෙම මිල අඩු කිරීම සෑම බේකරි නිෂ්පාදනයක් සඳහාම කඩිනමින් අදාළ විය යුතු බව පාරිභෝගිකයන් අවධාරණය කරයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.