“ආණ්ඩුකාර සෞඛ්‍ය මෙහෙවර” යන තේමාව යටතේ සබරගමුව පළාත් ජංගම සේවයේ (PMS) 100 වැනි වැඩසටහන සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) කෑගල්ල වරකාපොළ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්විණි. ප්‍රාදේශීය හා බටහිර වෛද්‍ය සායන, දන්ත සායන, අක්ෂි සායන, රුධිර පරීක්‍ෂණ, පිළිකා පරීක්‍ෂණ පරීක්‍ෂණ ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් සිදු කරන ලද අතර, ඊට අමතරව ඇස් කණ්ණාඩි ඇතුළු සෞඛ්‍ය උපකරණ ද ජනතාවට නොමිලේ ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව වරකාපොල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය සහ ජීවනෝපාය නගා සිටුවීම සඳහා වියළි සලාක, කාබනික පොහොර සහ පොල් පැළ ප්‍රදානය කිරීම ද සිදු විය.
ජනතා ගැටලු විසඳීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ, කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.