Thursday, February 27, 2025
Home » සබරගමුව පළාත් ජංගම සේවයේ 100 වැනි වැඩසටහන වරකාපොලදී පැවැත්විණි

සබරගමුව පළාත් ජංගම සේවයේ 100 වැනි වැඩසටහන වරකාපොලදී පැවැත්විණි

by bltdil
0 comment 1 minutes read

“ආණ්ඩුකාර සෞඛ්‍ය මෙහෙවර” යන තේමාව යටතේ සබරගමුව පළාත් ජංගම සේවයේ (PMS) 100 වැනි වැඩසටහන සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) කෑගල්ල වරකාපොළ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්විණි. ප්‍රාදේශීය හා බටහිර වෛද්‍ය සායන, දන්ත සායන, අක්ෂි සායන, රුධිර පරීක්‍ෂණ, පිළිකා පරීක්‍ෂණ පරීක්‍ෂණ ඇතුළු සෞඛ්‍ය සේවා රැසක් සිදු කරන ලද අතර, ඊට අමතරව ඇස් කණ්ණාඩි ඇතුළු සෞඛ්‍ය උපකරණ ද ජනතාවට නොමිලේ ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව වරකාපොල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය සහ ජීවනෝපාය නගා සිටුවීම සඳහා වියළි සලාක, කාබනික පොහොර සහ පොල් පැළ ප්‍රදානය කිරීම ද සිදු විය.
ජනතා ගැටලු විසඳීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ, කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00