පොලිස්පතිවරයෙකු පත් කළත් නැතත් මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පත් කෙරෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ මැතිවරණයට අදාළ කටයුතු බාධාවකින් තොරව සිදු කළ හැකි බව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළා. . මේ මොහොතේ රටට වැදගත් වන්නේ මැතිවරණය පැවැත්වීම මිස පොලිස්පති ධූරය සම්බන්ධයෙන් වන කඹ ඇදිල්ල නොවන බවද ඔහු පැවසීය.
ආචාර්ය මහානාමහේවා මේ බව සඳහන් කළේ වින්දිතයන් සුරැකීමේ දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය විසින් මහනුවර පොලිස් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි. මෙතෙක් පොලිස්පතිවරයා පත් නොකිරීම සම්බන්ධයෙන් රට තුළ යම් ආන්දෝලනයක් ඇති වී තිබෙන බවත්, හිටපු පොලිස්පතිවරයාට එරෙහිව මූලික මානව හිමිකම් සම්බන්ධ පෙත්සම් 9ක් ගොනු කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මෙම නඩුවේ තීන්දුව ලැබෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව අදාළ නඩු විභාගය අවසන් වන තුරු පොලිස්පතිවරයා පොලිස්පතිවරයාගේ ධූරයෙන් තාවකාලිකව ඉවත් කර ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ. පොලිස්පති කාර්යාලය බලාගැනීමට වෙනත් අයෙකු පත් කර එතෙක් පොලිස්පති ලෙස කටයුතු කරන්න. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය සමඟින් නව පත්වීම් සිදු කළ හැකිද යන්න සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බවද ඔහු සඳහන් කළා.
මැතිවරණ කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සමඟ ඉදිරියට යා හැකියි – ආචාර්ය ප්‍රතිභා
52
previous post