Thursday, February 27, 2025
Home » නීති විරෝධී ලෙස ගෙන ආ ටෙන්ඩු කොළ කිලෝග්‍රෑම් 1276ක් පමණ සොයා ගැනේ.

නීති විරෝධී ලෙස ගෙන ආ ටෙන්ඩු කොළ කිලෝග්‍රෑම් 1276ක් පමණ සොයා ගැනේ.

by blt-man
0 comment 1 minutes read

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජූලි 26 වන දින එරුමතිව් දූපතේ සහ කල්පිටිය මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් ටෙන්ඩූ කොළ (Tendu leaves)කිලෝග්‍රෑම් 1,276 ක් (තෙත් බර) සොයා ගැනීමට හැකි විය. මෙම ටෙන්ඩූ කොළ තොගය නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ.
නීතිවිරෝධී ද්‍රව්‍ය රැසක් දිවයිනට ගලා ඒම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල නිරන්තර සෝදිසි මෙහෙයුම් සහ මුර සංචාර සිදු කරයි.
මෙම ප්‍රයත්නවල දිගුවක් ලෙස, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය නෞකාවේ වරාය ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ නාවික හමුදා මැරීන් භටයින් විසින් සෝදිසි මෙහෙයුම දියත් කරන ලදී. සෝදිසි කිරීමේදී එරුමතිව් දූපතේ ලඳු කැලෑවල සඟවා තිබූ සැක සහිත ගෝනියක් නාවික හමුදා සාමාජිකයින් විසින් සොයා ගන්නා ලදී. ඒවා පරීක්ෂා කිරීමේදී ගෝනිවල තිබී දළ වශයෙන් කිලෝග්‍රෑම් 1,276 (තෙත් බර) ටෙන්ඩූ කොළ සොයාගෙන ඇත.
පසුව එම ටෙන්ඩූ කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාතේ සුරාබදු විශේෂ ඒකකය වෙත භාර දෙන ලදී.
2024 වර්ෂයේදී පමණක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් ජාවාරම් කරන ලද ටෙන්ඩු කොළ කිලෝග්‍රෑම් 27,330 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා බලධාරීන් වෙත භාර දී ඇත.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00