ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න මේ මස 31 වැනිදා රටට හෙළි කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සිකුරාදා (26) අගුණුකොළපැලැස්සේ පැවති වැඩසටහනකට එක්වෙමින්ය. වන සතුන්ගෙන් වගා හානි වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මඟින් ගොවීන්ට වායු රයිෆල් ලබාදීමේ වැඩසටහනක් ද පැවැති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා –
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙලා නැහැ. දැන් තියෙන්නේ එක නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ පක්‍ෂයේ අයිතිය අපිට තියෙනවා. පක්ෂ මූලස්ථානයත් අපි අතේ තියෙනවා. ඒ නිසා තමයි සමහර අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා විවිධ ප්‍රකාශ කළත් දැන් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අතේ. මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ සහාය ලබන ජනාධිපති අපේක්ෂකයායි. ඒ ගැන අපි ජූලි 31 වැනිදා මුළු රටටම කියනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වෙලාවේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බැහැ. මොකද අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය විනාශ කළා. ඒ නිසා අපි සහයෝගය දක්වන්නේ රටේ වත්මන් ප්‍රශ්න විසඳා ගත හැකි දූරදර්ශී සහ පළපුරුදු අපේක්ෂකයෙකු ලෙස රටම පිළිගත් අපේක්ෂකයෙකුටයි. එය තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවයි. අපි තනි තනිව තීරණ ගන්නේ නැහැ. අපි පක්‍ෂයක් ලෙස තීන්දු තීරණ ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.