“මගේ අරමුණ ප්‍රගතිය සඳහා රට එක්සේසත් කිරීමයි”-රනිල් වික්‍රමසිංහ

ගාල්ල මහ නගර සභා ක්‍රීඩාංගණයේ අද (27) පැවති “එක්ව ජය ගමු – අපි ගාල්ල” ජන රැළියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රථම වරට ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් පවසන ලදී.
තමන් කිසිවිටෙක අභියෝගවලින් මිදී නොගිය බව අවධාරණය කළ ජනාධිපතිතුමා නිහඬව තම වගකීම් ඉටු කිරීම තම දේශපාලන පුරුද්ද බව ද ප්‍රකාශ කළේය. පොරොන්දු වූ පරිදි රට ඉදිරියට ගෙන යාමේ කැපවීම ඔහු යළිත් තහවුරු කළේය.
මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විවිධ දේශපාලන පක්ෂවල මැති ඇමතිවරුන් 50කට අධික පිරිසක් මෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරුන් සහ 15,000කට අධික ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ සිටියහ.
ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරන බවට සපථ කරමින් ඔවුහු රජයේ වැඩපිළිවෙල සහ ඉදිරි ගමන ගැන දැන ගැනීමට රැස් වූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වී ඇති වත්මන් වැඩපිළිවෙළට අනුගත වීමේ වැදගත්කම ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය දේශනයේදී අවධාරණය කළේය. ඔවුන් මෙම රාමුවෙන් පිටත ක්‍රියාත්මක වන බව හඟවන ඕනෑම ප්‍රකාශයක් අසත්‍ය බවත් ජාතිය අනතුරේ හෙළන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තමා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඔහු රට එක්සේසත් කිරීමේ තම ඉලක්කය  බව ප්‍රකාශ කළ අතර තරුණයින්ට වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීම සඳහා දේශපාලන භේද පසෙකලා එක්ව සිටිය යුතු බව ද් කියා සිටියේ ය.
අමාත්‍යවරුන් වන අලි සබ්රි පී.සී., වෛද්‍ය රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර; රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා; පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ; සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මහත්වරුද  මහජන රැලිය ඇමතූහ.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්