ද්වේශසහගත ලෙස ක්‍රියා කරන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේපිතයි – ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන්

ජුලි 28 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී පළ වූ සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී (ලංකා හොස්පිට්ල්ස්) කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇතැම් පුද්ගලයන් ද්වේශ සහගත ලෙස ක්‍රියා කරමින් සාමාන්‍ය ජනතාව තුළ භීතිය ඇති කිරීමට සංවිධානාත්මක උත්සාහයක් ගෙන ඇති බවයි.විදේශිකයන් 200 දෙනෙකු සූකර උණ සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර අපගේ රෝහලේ ප්‍රතිකාර ලබන බවට සාවද්‍ය සමාජ මාධ්‍ය සන්නිවේදනයන් ප්‍රචාරය කරමින් ගෙනගිය සමාජ මාධ්‍ය ප්‍රකාශනය කළමනාකාරිත්වය ප්‍රතික්ෂේප කරන අතර 2017 දී ද මෙවැනිම ප්‍රකාශනයක්  උසිගන්වා ඇති බව සාමාන්‍ය ජනතාවට  පසක් කර දක්වයි.
දිවයිනේ වඩාත්ම ප්‍රතීතනය ලත් සහ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ තෘතීයික සත්කාර රෝහල ලෙස Lanka Hospital අපගේ මූලික අරමුණ වන්නේ අපගේ රෝහල් පරිශ්‍රය තුළ සිටින රෝගීන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව මෙන්ම සාමාන්‍ය ජනතාව සමඟ අපගේ අන්තර් ක්‍රියාකාරිත්වය සහතික කිරීම බව අවධාරණය කරයි. මෑත කාලයේ දී, ලංකා හොස්පිට්ල් විසින් කොරොන වයිරස් ආසාදිත පුද්ගලයින් 14,000 කට වැඩි පිරිසකට රෝගීන්ට අනතුරක් නොවන පරිදි හෝ මහජන ආරක්ෂාවට හානියක් නොවන පරිදි සාර්ථකව ප්‍රතිකාර කර ඇත.
“අපගේ රෝහල් යටිතල පහසුකම් සහ වෛද්‍ය සේවා නිලධාරීන් හොඳින් සූදානම් වී ඇති අතර, ආසාදනවල හදිසි අවස්ථා සම්බන්ධ ඕනෑම අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දීම සඳහා පුළුල් ලෙස පුහුණු කර ඇත. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී, සූකර උණ ආසාධිත රෝගීන් අප රෝහලේදී හඳුනාගෙන ප්‍රතිකාර ලබන බවට චෝදනා කරන ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළුය බවත් ය. සාවද්‍ය සහ නොමග යවන සමාජ මාධ්‍ය ප්‍රකාශනවලට ප්‍රතිචාර නොකිරේම සම්බන්දව අපගේ පුළුල් ව්‍යාප්ත පාරිභෝගික පදනමට ස්තූති කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු යනුවෙනි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.