Thursday, February 27, 2025
Home » චීන රජයෙන් පරිත්‍යාග කරන ලද සහල් සහ මාළු දැල් උතුරු, නැගෙනහිර ධීවර ප්‍රජාවට.

චීන රජයෙන් පරිත්‍යාග කරන ලද සහල් සහ මාළු දැල් උතුරු, නැගෙනහිර ධීවර ප්‍රජාවට.

by blt-ame
0 comment 1 minutes read

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් චීන සංචාරයේදී සිදුකළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලට අනුව චීන රජය විසින් දැල් 75000ක් පරිත්‍යාග කළ අතර, උතුරේ ධීවර ප්‍රජාවට එම දැල් බෙදා හැරීමට ධීවර අමාත්‍යවරයා කටයුතු කර ඇත.

ධීවර දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත මෙම දැල් ලබාදීමට තීරණය කර ඇති අතර. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය සඳහා දැල් ඇසුරුම් 26700ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා දැල් ඇසුරුම් 15100ක්, මන්නාරම දිස්ත්‍රික්කය සඳහා දැල් ඇසුරුම් 7800ක්, දැල් ඇසුරුම් 9850ක් ලබා දීමට තීරණය කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා, මුලතිව් දිස්ත්‍රික්කය සඳහා දැල් ඇසුරුම් 4650 ක්, කල්මුණේ දිස්ත්‍රික්කය සඳහා දැල් ඇසුරුම් 5600 ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා දැල් ඇසුරුම් 5300 ක් බෙදා දීමට නියමිතය. මෙම දැල් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම දැල් තොගය උතුරු සහ නැගෙනහිර පළාත් වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

උතුරු නැගෙනහිර ධීවර පවුල් දිරිමත් කිරීම සඳහා චීන රජයේ ආධාර යටතේ සහල් කිලෝග්‍රෑම් 50 බැගින් වූ සහල් මලු 16200ක්.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයෙන් පවුල් 1335කට, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් පවුල් 265කට, මන්නාරම දිස්ත්‍රික්කයෙන් පවුල් 390කට, මුලතිව් දිස්ත්‍රික්කයෙන් පවුල් 233කට, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පවුල් 492කට සහල් බෙදා දෙන අතර එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20 බැගින් පිරිනැමේ.

එම සහල් ධීවර සමිති හරහා බෙදාහරින ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී තිබේ.මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කැදවා තිබූ සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, උතුරු නැගෙනහිර පළාත්වල ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00