පොලිස්පතිවරයාගේ ගැටලූව සම්බන්ධයෙන් ජනපති කථානායකවරයා සමග විශේෂ සාකච්ඡාවක්

කථානායකවරයා ඉරානයේ සිට දිවයිනට පැමිණීමෙන් පසු පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉරානයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා මේ වන විට ඉරානයට ගොස් සිටියි. පොලිස්පති ධූරය සම්බන්ධයෙන් පවතින ගැටළුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා විසින් විසඳා ගත යුතු බව මීට පෙර ප්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.