ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට මන්ත්‍රීවරුන් අනූ දෙදෙනෙකු ඊයේ සවස කොන්දේසි විරහිතව ප්‍රතිඥා දුන්නේය.
රට නැවත පෝලිම් යුගයකට ගෙන ඒම වළක්වා ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැක්කේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් බව ඔවුහු පැවසූහ. එබැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙක තබා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරන බව ඔවුහු ප්‍රතිඥා දුන්හ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන් ඉතාම අමාරුවෙන් නිර්මාණය කළ පක්ෂය කිහිප දෙනෙකුගේ කැමැත්ත මත තීරණයක් ගැනීම නිසා තමන් මෙම තීරණයට පැමිණි බවයි. තමන් ගත් තීරණයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයින්ද අනුමැතිය ලබාදී ඇති බවද ඔවුන් කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහමග මරා දමන මට්ටමට පවා නීතිය හා සාමය නොසලකා හරිමින් ආර්ථික වශයෙන් අස්ථාවර වූ රටක් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම පිළිබඳව ද ඔවුන් ජනාධිපතිතුමාට ස්තුතිය පුද කළහ.
2022 දී දේශපාලන හා ආර්ථික කඩාවැටීම්වලට මුහුණ දුන් රටක් ගොඩ නැගීමේ අභියෝගය තමන් භාරගත් බවත් තමන් සමඟ ඉතා දක්ෂ කණ්ඩායමක් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන් අමතමින් ප්‍රකාශ කළේය. ඔවුන් ඉතා කැපවීමෙන් එම කාර්යය ඉටු කළ බවත් මෙම ක්‍රියාකාරී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බවත් ඔහු පැවසීය.
ඒ අවස්ථාවේ තමා මුලින්ම සහයෝගය ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත්, ඒ අවස්ථාවේ තමන් ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවත් ඔහු කියා සිටියේය.
අමාත්‍යවරුන් වන අලි සබ්රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, එස්.එම්.චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී. හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත, ජානක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න, ඩග්ලස් දේවානන්ද, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.
මන්ත්‍රීවරු අනූ දෙදෙනෙක් ජනපතිට සහය පළ කරති
34
previous post