මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය සියයට 63.8කින් අඩුවී ඇති බවයි.
2023 මැයි 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,014 ක අයවැය පරතරයක් පැවති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කෙසේ වෙතත් මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366 ක් ලෙස සටහන් වී තිබේ. නිසි ආර්ථික ක්‍රියාකාරී සැලැස්මක් ඔස්සේ රට ඉදිරියට යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වයට ළඟා වීමට හැකි වූ බව ඔහු අවධාරණය කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රේගු දෙපාර්තමේන්තුව විසින් බලයලත් ආර්ථික ක්‍රියාකරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන 31කට මෙම සහතික ප්‍රදානය කෙරුණේ රේගු පරීක්‍ෂාවකින් තොරව තම ආනයන අපනයන කටයුතු කරගෙන යාමට හැකිවන පරිදිය. එම ආයතනවල ආනයන අපනයන කටයුතු වසර ගණනාවක අධීක්ෂණයෙන් පසුව මෙම සහතිකය ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත. ශ්‍රී ලංකා රේගුව සෑම විටම රජය ලබා දෙන ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා අවධාරණය කළේය. 2024 දී ලබා දී ඇති රුපියල් බිලියන 1,537 ක ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 708 ක ආදායමක් වාර්තා කිරීමට ඔවුන් දැනටමත් සමත් වී ඇති බව ඔහු සඳහන් කළේය.
රේගුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ එම ආදායම් ඉලක්ක වෙත සාර්ථකව ළඟාවීමට හැකිවීම විශේෂත්වයක් බවද ඒ මහතා සඳහන් කළේය. 2018 වසරේ අවසන් වරට මෙරටට වාහන ආනයනය කරන විට රුපියල් බිලියන 923ක සමස්ත ආදායමෙන් රුපියල් බිලියන 204ක් හෙවත් සියයට 22ක් වාහන ආනයනයෙන් ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
2019 වසරේ මුළු ආදායමෙන් සියයට 16ක් එනම් රුපියල් බිලියන 130ක් වාහන ආනයනයෙන් ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.