Thursday, February 27, 2025
Home » වැවිලි භෝග අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,118 දක්වා ඉහළ යයි

වැවිලි භෝග අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,118 දක්වා ඉහළ යයි

by blt-ame
0 comment 1 minutes read

තේ, රබර්, පොල්, කුරුඳු සහ ගම්මිරිස් යන වැවිලි භෝග පහේ අපනයනය තුළින් 2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබුණු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,118.06 දක්වා ඉහළ ගොස් තිබේ.

2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙම වැවිලි භෝගවලින් උපයා ඇති අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 884.6 කි. ඒ අනුව පසුගිය වසරේ මුල් මාස හතරේ අපනයන ආදායමට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 234ක ආදායමක් මේ වසරේ මුල් මාස හතර තුළ උපයා ගැනීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් සඳුදා (29) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී තේ සහ පොල් වගාවන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි. . තේ වතු සඳහා පොහොර යෙදීම ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට සහනාධාරය වන රුපියල් 2000  දෙගුණයක් කිරීමට තීරණය විය. ඒ අනුව තේ පොහොර සහනාධාරය රු. 4,000 කි. මේ සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට සහනාධාරය සඳහා මිලියන 2,000 ලබා දීමටත්. තේ වතු ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට මෙන්ම තේ වතු ආශ්‍රිත මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය විය. අබලන් මාර්ගවල තේ දළු කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කිරීම හේතුවෙන් තේවල ගුණාත්මක භාවයට හානි සිදුවන බව අමාත්‍ය අමරවීර මහතා අවධාරණය කළේය.

ඒ අනුව තේ වතු ආශ්‍රිත දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති මාර්ග ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් වෙන් කරන මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජනක ධර්මකීර්ති, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් යන මහත්වරු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00