Thursday, February 27, 2025
Home » වැවිලි භෝග අපනයන ආදායම 2024 පළමු මාස ​​හතර තුළ ඉහළ යයි

වැවිලි භෝග අපනයන ආදායම 2024 පළමු මාස ​​හතර තුළ ඉහළ යයි

by BulletEditor
0 comment 1 minutes read

තේ, රබර්, පොල්, කුරුඳු සහ ගම්මිරිස් යන පස් වැවිලි භෝග අපනයනය තුළින් 2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබුණු අපනයන ආදායම ඇ.ඩො. මිලියන 1118.06 දක්වා ඉහළ ගොස් ඇත.
2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙම වැවිලි භෝගවලින් උපයා ඇති අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 884.6 කි. ඒ අනුව පසුගිය වසරේ මුල් මාස 4 තුළ මේ වසරේ මුල් මාස හතරේ අපනයන ආදායමට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 234ක ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (29) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු අනාවරණය විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී තේ සහ පොල් වගාවන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.
තේ වතු සඳහා පොහොර යෙදීම ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් 2000 සහනාධාරය දෙගුණ කිරීමට තීරණය විය. ඒ අනුව තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා වැඩි කිරීමට පියවර ගත්තා. මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කර ඇත.
තේ වතු සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට මෙන්ම තේ වතු ආශ්‍රිත මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය විය. තේ දළු කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කිරීමේදී මාර්ගවල පවතින දුෂ්කරතා හේතුවෙන් තේවල ගුණාත්මක භාවයට හානි සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා තේ වතු ආශ්‍රිතව දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය කර නොමැති මාර්ග ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් වෙන් කරන මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සහ ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඒ.එම්. එච්.එල්.අබේරත්න, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මාල් යන මහත්වරුද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00