විරේන්ක, කයිල්, සහ ගංගා හෙට ගෙදර එනවා

ඔලිම්පික් ක්‍රීඩා  ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මූලික වටයේ දෙවැනි තරගයේදී බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2-0ක් ලෙස ස්පාඤ්ඤයේ Abian Pablo හමුවේ 9-21 qnd 19-21ක් ලෙස පරාජයට පත්විය.
මේ අතර, ඩිෆෙන්ස් අරීනා පිහිනුම් තටාකයේදී ඊයේ පැවැති මීටර් 100 නිදහස් ආර මූලික වටයේ තරගයට සහභාගි වූ කයිල් අබේසිංහ, තත්පර 51.42ක කාලයක් වාර්තා කරමින් ලොව හොඳම පිහිනුම් ක්‍රීඩකයින් 79 දෙනා අතරින් 54 වැනි ස්ථානයට පත්විය. ඇමරිකාවේ ඇලෙක්සි ජැක් මූලික වටයේ සියලුම පිහිනුම් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයට පත්වූයේ තත්පර 47.57ක කාලයක් වාර්තා කරමිනි.
මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය කළ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ, පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ සහ ගංගා සෙනවිරත්න හෙට (1) පැරිස් ඔලිම්පික් ගම්මානයෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිතය.
ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 63 වැනි ස්ථානයේ පසුවන පැබ්ලෝ සහ 70 වැනි ස්ථානයේ පසුවන විරේන් පළමු වටය පහසුවෙන් ජයගත් නමුත් දෙවැනි වටයේදී විරේන් හොඳ සටනක් ලබා දුන්නේය.
මිනිත්තු 38ක කාලයක් පැවැති මෙම තරගයේ පළමු වටය මිනිත්තු 16ක කාලයක් පැවැති අතර දෙවැනි වටය විනාඩි 22කින් පැවැත්විණි.
ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ තරගයෙන් පසුව කියා සිටියේ තමන්ට මෙම තරගයට පැමිණීමට යම් බියක් පවතින බවත් එය ඉදිරියේදී විසඳාගත යුතු බවත්ය. “ඊළඟ ජාත්‍යන්තර තරගයේදී අපි වඩා හොඳ සූදානමකින් එනවා.
2017 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් කයිල් අබේසිංහ වසර 4ක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පිහිනුම් ක්‍රීඩාවෙන් ඈත්වී නැවත තරගයට එක්විය. “වසරකට පමණ පසු කයිල් නැවත පිහිනීමට පටන් ගත්තේය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම ගැන ඔහු ඉතා සතුටු වෙනවා. මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මගේ සහෝදරයා වන මැතිව් අබේසිංහ සතුයි. මට ඉදිරියේදී ශ්‍රී ලංකා වාර්තාව පරාජය කරන්න පුළුවන්. ඔලිම්පික් වැනි තරගයකදී ලබන අත්දැකීම් ක්‍රීඩකයකුට ඉතා වැදගත් බව තරගයෙන් අනතුරුව කයිල් අබේසිංහ ප්‍රකාශ කළේය.

Related posts

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්

“Welcome back MJ” මුම්බායි ඉන්දියන්ස් වෙතින් නිවේදනයක්

පකිස්තානය බාබර් අසාම් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකු ඉවත් කරයි