සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර් ලේකම් කාර්යාලය (ISTRM) සිය නිල වෙබ් අඩවිය 2024 ජුලි 18 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ සභාගර්භයේ දි දියත් කරන ලදී. වෙබ් එළිදැක්වීමේ උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාය.
රට තුළ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසාර සාමය සඳහා පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පශ්චාත් ගැටුම් දුක්ගැනවිලි විසඳීම සඳහා ISTRM පිහිටුවන ලදී.
මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ විවිධ ප්‍රජාවන් අතර අසමගිය සහ අනාගත ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා දැඩි කැපවීමක් අවධාරනය කරයි.
උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) ඇතුළුව ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන්ට අදාළව පෙර කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශ සමාලෝචනය කිරීම, සලකා බැලීම සහ ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැලසීමට කොමිෂන් සභාවට පැවරී ඇත. ශ්‍රී ලංකා රජය විසින් 2006 දී පිහිටුවන ලද ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකායේ සොයාගැනීම් ද සැලකිල්ලට ගනු ඇත. ISTRM හි මෙහෙවර වන්නේ කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්ති රාමුව, මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ ගොඩනැගීමයි. එහි පරමාර්ථය වන්නේ සත්‍යය, සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා ගෘහස්ථ විසඳුමක් සඳහා අඩිතාලම දැමීමයි.
දැනට, ISTRM මහජනතාව සහ පාර්ශ්වකරුවන් සමඟ ඔවුන්ගේ සහභාගිත්වය සහ උපදේශනය තුළින් කොමිෂන් සභාව හැඩගැස්වීම සහතික කිරීම සඳහා සම්බන්ධ වේ. තිරසාර සාමය සහ ජාතික සමගිය සඳහා මංපෙත් විවර කරන පරිවර්තනීය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා මෙම සහයෝගී ප්‍රවේශය අත්‍යවශ්‍ය වේ. ඒ අනුව රට පුරා පාර්ශ්වකරුවන්ගේ උපදේශන කිහිපයක් පවත්වා ඇත. ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, පළාත් සභා ප්‍රධානීන්, අතුරුදන් වූවන්ගේ නියෝජිතයන්, හිටපු හමුදා නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ ප්‍රධාන ගැටලු සහ ප්‍රජා අවශ්‍යතා හඳුනාගැනීම සඳහා සාකච්ඡා කිරීම මෙම උපදේශනවලට ඇතුළත් විය.
ISTRM වෙබ් අඩවිය දියත් කිරීම ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ ජාතික සමගිය කරා යන ගමනේ කැපී පෙනෙන ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, විනිවිද පෙනෙන සන්නිවේදනය සහ සංහිඳියා ක්‍රියාවලිය තුළ ක්‍රියාකාරී මහජන සහභාගීත්වය සඳහා වේදිකාවක් සපයයි.