2013 වසරේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් සිව් දෙනෙකුට කොළඹ මහාධිකරණය ඊයේ මරණ දඩුවම නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නිරීක්ෂණය කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ලට හැකි වූ බවයි.
2013 අප්‍රේල් 14 වැනිදා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී බාලක්‍රිෂ්ණන් ජගත් කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චූදිතයන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා හතරක් යටතේ අධි චෝදනා ගොනු කර තිබුණි.
විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නඩුවේ හයවැනි විත්තිකරු නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කළ අතර දෙවැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී අභාවප්‍රාප්ත විය.