පොල් වගාවේ ගැටළු පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංකය 1916 හඳුන්වා දෙන ලදී

සුදු මැස්සන් රෝගය ඇතුළු පොල් වගාවට අදාළ ගැටලු පිළිබඳව ගොවීන් වෙත ඍජුව දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන අංකයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව පොල් වගාව සම්බන්ධ ඕනෑම ගැටලුවක් පිළිබඳ විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා (අගෝස්තු 05) සිට හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන ඇත.
මෙම ක්ෂණික ඇමතුම් අංකය 1916 වේ.

ඒ අනුව මෙම දුරකථන අංකය ඔස්සේ වාර්තා වන ඕනෑම ගැටලුවකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මහජන ගැටලුවලට අවශ්‍ය පිළිතුරු ලබාදීමට නිලධාරීන් සූදානම් කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.