වියළි කහ කිලෝග්‍රෑම් 749ක් සමඟ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (2024 ජූලි 31) උදෑසන කල්පිටිය, උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 749ක් පමණ බරැති ජාවාරම් කළ වියළි කහ පටවාගත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සීරුවෙන් සිටින අතර නීතිවිරෝධී ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරයි. මෙම ප්‍රයත්නවල දිගුවක් ලෙස වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය නෞකාව අද පෙරවරුවේ උච්චමුනෙන් ඔබ්බෙන් මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන ලදී. මෙම මෙහෙයුමේදී නාවික හමුදා නිලධාරීන් විසින් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී කිලෝග්‍රෑම් 749ක් පමණ බරැති ජාවාරම් කරන ලද වියළි කහ ගෝනි 17ක් සොයා ගෙන ඇත. ඒ අනුව වියළි කහ තොගය, ඩිංගි යාත්‍රාව සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 02 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනුණා.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 02 දෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 44 යන වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන ඇත. මේ අතර, වියළි කහ (කිලෝ ග්‍රෑම් 749), ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් 02 දෙනෙකු කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතය. නීතිමය කටයුතු ඉදිරියට.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.