කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 171ක් මේ වන විට යළි ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉන් ව්‍යාපෘති 58ක් මේ වසරේ සහ ලබන වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘති 58 පානීය ජලය, සෞඛ්‍ය හා අධ්‍යාපන, මාර්ග වැනි ක්ෂේත්‍රවලට අදාළ වේ.