Thursday, February 27, 2025
Home » රට වෙනුවෙන් ජනපතිට සහය දීමට ශ්‍රීලනිපය තීරණය කරයි

රට වෙනුවෙන් ජනපතිට සහය දීමට ශ්‍රීලනිපය තීරණය කරයි

by bltdil
0 comment 1 minutes read

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ පක්ෂයට වඩා රට ගැන සිතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මෙම තීරණය ගැනීමේදී තමන් පැය හතරකට වැඩි කාලයක් පක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ සාකච්ඡා කළ බවත් පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට සියලු දෙනා එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්‍ෂයේ විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද යෝජනා මාලාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ බවත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා පක්ෂයේ දේශපාලන මණ්ඩලය, විධායක සභාව සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ඒකමතිකව එකඟතාවකට පැමිණ ඇති බවයි.
“පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 17ක් ලබා ගත් අතර එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් වුණා. මෙවර මැතිවරණයේදීත් ශ්‍රීලනිප ඡන්ද තීරණාත්මක සාධකයක් වෙනවා.”

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00