අතුරුගිරිය ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන් කුමාර නොහොත් “ලොකු පැටී” බෙලරුස්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රටේ ආරක්ෂක අංශ විසින් “ලොකු පැටී” බෙලරූස්හිදී අත්අඩංගුවට ගෙන ඇති බව බෙලරුස් බලධාරීන් විසින් ජූලි 29 වන දින උදෑසන ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජාත්‍යන්තර පොලිස් (INTERPOL) ශාඛාව වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග ඊයේ පැවසීය.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා ඉන්ටර්පෝල් ශාඛාව විසින් INTERPOL වෙත දැනුම් දී ඇති අතර, ඔහු INTERPOL හි අවශ්‍ය අපරාධකරුවන්ගේ රතු වරෙන්තු ලැයිස්තුගත කරන ලෙස CID විසින් එවන ලද ඉල්ලීම මත INTERPOL විසින් අවශ්‍ය ජාත්‍යන්තර අපරාධකරුවෙකු ලෙස රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ “ලොකු පැටී” නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත.
“ලොකු පැටී” පිටුවහල් කර ඔහු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා බෙලරුස් ආරක්ෂක බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට රහස් පොලිසියේ INTERPOL ශාඛාවේ කණ්ඩායමක් ලබන සතියේ බෙලරුස් බලා පිටත්ව යාමට කටයුතු සූදානම් කරමින් සිටී. “ලොකු පැටී” අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන රහස් පොලිසියේ ඉන්ටර්පෝල් ශාඛාව මේ වන විට අවශ්‍යව සිටින අපරාධකරු “ලොකු පැටී” පිටුවහල් කිරීමේ සහ ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව බෙලරුස් බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වයි.