Thursday, February 27, 2025
Home » වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් 80%ක් අවසන්.

වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් 80%ක් අවසන්.

by blt-ame
0 comment 1 minutes read

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 80%ක් අවසන් කර ඇති අතර මේ වන විට ජල සැපයුම ආරම්භ කර ඇති බවයි.

පෝට් සිටි ව්‍යාපෘතිය පිළිබඳ යාවත්කාලීනයක් ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එහි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ව්‍යාපාර උපාය මාර්ගික වැදගත්කම (BSI) පනත යටතේ අනුමැතිය ලබාගත යුතු බවයි. ඒ අනුව අයදුම්කරුවන් තම ව්‍යාපෘති වාර්තා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.

“මේ වන විට, අපි කැබිනට් මණ්ඩලයට BSI විස්සක් ඉදිරිපත් කර ඇති අතර තවත් පනහක් ඉදිරිපත් කිරීමට නියමිතයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
නව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මගින් ආර්ථික කොමිෂන් සභාව හරහා ආයෝජන ප්‍රවර්ධන කටයුතු විධිමත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අදාළ සියලු තීරණ අධීක්‍ෂණය කරන බව ප්‍රකාශ කළ ඔහු ආයෝජන සඳහා කඩිනම් අනුමත ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක බව පැවසීය.
2024 සඳහා සැලසුම් ගෙනහැර දක්වමින් රාජ්‍ය අමාත්‍ය මුණුගම පැවසුවේ ත්‍රිකුණාමලය, පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ඇතුළු විවිධ ප්‍රදේශ හරහා ආයෝජන අවස්ථා ස්ථාපිත කර ඇති බවයි.

මෙම ආයෝජන අවස්ථා යටතේ ව්‍යාපෘති 35ක් සැලසුම් කර ඇති බව ඔහු අනාවරණය කළේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00