MEP ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දෙනවා

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (1) තීරණය කළේය.
මෙම රැස්වීමට මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජයවර්ධන, නියෝජ්‍ය ලේකම් යදාමිණි ගුණවර්ධන එම්.පී., සහකාර ලේකම් විජය රත්නායක, උප සභාපති ගීතාංජන ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මධ්‍යම කාරක සභිකයෝ සහභාගි වූහ.

මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරග කළ මහජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර තුනක් හිමිව තිබේ.
ඒ, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ යදාමිණි ගුණවර්ධනයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්