Thursday, February 27, 2025
Home » MEP ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දෙනවා

MEP ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දෙනවා

by bltdil
0 comment 1 minutes read

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඊයේ (1) තීරණය කළේය.
මෙම රැස්වීමට මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස යාපා ජයවර්ධන, නියෝජ්‍ය ලේකම් යදාමිණි ගුණවර්ධන එම්.පී., සහකාර ලේකම් විජය රත්නායක, උප සභාපති ගීතාංජන ගුණවර්ධන යන මහත්වරු ඇතුළු මධ්‍යම කාරක සභිකයෝ සහභාගි වූහ.

මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව තරග කළ මහජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර තුනක් හිමිව තිබේ.
ඒ, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ යදාමිණි ගුණවර්ධනයි.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00