2024 අගෝස්තු 03 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී
සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් (30-40) පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.