වනිඳු හසරංගගේ කලවයේ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත් වී තිබේ.
ඔහු ඊයේ රාත්‍රියේ සම වූ තරගයේ තීරණාත්මක කඩුලු තුනක් ලබා ගත් නමුත් ඔහුගේ අවසන් ඕවරය යවන විට වේදනාවෙන් පෙළෙන බවක් පෙනෙන්නට තිබුණ බවත් එම හේතුවෙන් හසරංගට බොහෝ විට ඉතිරි තරග දෙක අහිමි වනු ඇතැයි සඳහන්ය.
වනිඳු වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට එක්වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව ඉරිදා ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.