ක්ලබ් වසන්ත ඝාතනය: සැකකරුවන් තිදෙනෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

පසුගිය දා අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ සහ තවත් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර සැකකරුවන්ගේ ඡායාරූප 03 පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

සැකකරුවන්ගේ විස්තර පහතින් දැක්වේ,

01. සම්පූර්ණ නම – තාරුකර වරුණ ඉන්දික ද සිල්වා නොහොත් “සංඛ”

ජාතික හැඳුනුම්පත් අංකය – 951350753V 

02. සම්පූර්ණ නම – පැටි හරඹගේ අජිත් රෝහණ නොහොත් “චණ්ඩි”

ජාතික හැඳුනුම්පත් අංකය – 199207801772

03.සම්පූර්ණ නම – මුතුවා දුර තරිඳු මදුසංඛ ද සිල්වා නොහොත් “බහිරවයා”

කෙසේ වෙතත්, ඉහත නම් සඳහන් සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක,

1. ස්ථානාධිපති, අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත දකුණ – 072-4222223

2. ස්ථානාධිපති, අතුරුගිරිය පොලිස් ස්ථානය – 071-8591657

එම නිවේදනය පහතින් දැක්වේ,

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.