අද උදෑසන පාර්ලිමේන්තුව ආසන්නයේදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් වෑන් රථයක ගැටී තිබෙනවා. අනතුරින් තරුණයින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ලංකාදීප* පුවත්පතේ වාර්තාවකට අනුව එක් සිසුවෙකු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය පාලනය කරගත නොහැකිව අනතුරට ලක්ව ඇති බවයි. මීට අමතරව, වේගයෙන් පැමිණි මෝටර් රථය ගැටීමට පෙර ලිස්සා ගොස් ඇති බව වෙනත් වාහනයක ඩෑෂ් කැම් දර්ශනවලින් හෙළි වේ.