රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි අයකුගෙන් 150,000ක් ලබා ගත් බව අල්ලස් කොමිසම පවසයි.
අපරාධ මැඩලීමේ පොලිස් ‘යුක්තිය’ මෙහෙයුම යටතේ සැකකරුගේ ලැයිස්තුවට අදාළ පුද්ගලයා නම් කර ඇති බව පවසමින් මහබාගේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන සැරයන්වරයා මෙම පුද්ගලයාගෙන් කප්පම් ලබාගෙන තිබේ. එම පුද්ගලයාගේ නම සැකකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරන බවත්, එම පුද්ගලයාගේ නිවස සෝදිසි කිරීමෙන් පොලිසිය වළකින බවත් පවසමින් පොලිස් නිලධාරියා අල්ලස් ඉල්ලා තිබේ.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මහබාගේ අධිකරණය අසලදී සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. (පුවත්පත්)