ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින ජාත්‍යන්තර (ODI) තරගය සුපිරි ඕවරයකින් තොරව සම තත්ත්වයකින් අවසන් වූයේ ක්‍රීඩා ලෝලීන් සහ ප්‍රවීණයන් අතර ප්‍රශ්න සහ ව්‍යාකූලත්වය ඇති කරමිනි.
සුපිරි ඕවරයක් නොපැවැත්වීමට හේතුව එය ICC ඉසව්වලට පමණක් නොව ද්විපාර්ශ්වික තරඟාවලි සඳහා නොවන බව තරඟ බලධාරීහු ප්‍රකාශ කළහ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා-ඉන්දියා ද්විපාර්ශ්වික සංචාරය සඳහා වන අවබෝධතා ගිවිසුම (MOU) ICC හි 2023 දෙසැම්බර් ODI ක්‍රීඩා කොන්දේසි තරඟාවලියට අදාළ වන බව අඟවන තවත් තොරතුරු මතු වී තිබේ.
මෙම ක්‍රීඩා කොන්දේසි අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සම තත්ත්වයකදී සුපිරි ඕවරයක් ක්‍රීඩා කළ යුතුව තිබුණි.
මේ වන විට සුපිරි ඕවරයක් ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තරග බලධාරීන්ගෙන් හෝ ICCයෙන් නිල පැහැදිලි කිරීමක් කර නොමැත.
සමූහ තරගවලින් සුපිරි ඕවර ඉවත් කිරීමට තරගාවලියට පෙර එකඟතාවක් තිබුණේද, එසේත් නැතිනම් මෙය තරගය භාර නිලධාරීන්ගේ අතපසුවීමක්ද යන්න තවමත් පැහැදිලි නැත.