Thursday, February 27, 2025
Home » කුවේට් සංගීත ප්‍රසංගයකදී අත්අඩංගුවට ගත් ලාංකිකයන් 24ක් නිදහස්

කුවේට් සංගීත ප්‍රසංගයකදී අත්අඩංගුවට ගත් ලාංකිකයන් 24ක් නිදහස්

by bltdil
0 comment 1 minutes read

“Sri Lankan Summer Nights” සංගීත ප්‍රසංගයේදී සිකුරාදා (2) අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු නිදහස් කර ගැනීමට හැකි වූ බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
කුවේට් බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව මෙම ප්‍රසංගය පවත්වා ඇති අතර, ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කුවේට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තානාපති කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලංකාවේ සිට කුවේටයට ගොස් ප්‍රසංගයට සහභාගි වූ උත්සව සංවිධායකයින් සහ කලාකරුවන් ද සිටින බව තානාපති කාර්යාලය සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු තානාපති කාර්යාල නිලධාරීන් කුවේට් පොලිසියෙන් ඉල්ලා සිටියේ ඊට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන්ට සමාව දෙන ලෙසයි. මේ හේතුවෙන් රැඳවියන් 26 දෙනාගෙන් 24 දෙනෙකු ඊයේ (3දා) නිදහස් කර ඇති බව තානාපති කාර්යාලය තහවුරු කළේය.
කෙසේ වෙතත්, තානාපති කාර්යාලය සඳහන් කළේ, උත්සවයේ සංවිධායකයින් දෙදෙනෙකු කුවේට් පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් මේ වන විට විමර්ශනය කරමින් සිටින බවයි.
“Sri Lankan Summer Nights” සංගීත ප්‍රසංගය සංවිධානය කළේ “Ethera Api” සංවිධානයේ කුවේට් ශාඛාව විසිනි.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00