ලියාපදිංචි ඡන්ද දායකයින්ට ඉදිරි ජනාධිපතිවරණයේදී දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ තමන් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය සහ නොමග යවන සුළු බවත්ය.
ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි කොට්ඨාශවලට අයත් ඡන්ද මධ්‍යස්ථානවලදී පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියේය. (පුවත්පත්)