ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජවිපෙ හිටපු පා.ම

2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

හිටපු මන්ත්‍රීවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කිරීම අද සිදුකෙරුණා.

සිරිපාල අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
අද සවස් වන විට අපේක්ෂකයින් 15 දෙනෙකු ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.