යාපනයේ දින 45ක් වයසැති බිළිඳියක් හිසට සිදුවූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
ලංකාදීප පුවත්පතට අනුව, තෙලිප්පලෙයි පොලිසිය පැවසුවේ, මව්කිරි දීමෙන් පසු ළදරුවා සිහිසුන්ව වැටී ඇති බව පවසමින් දරුවාගේ මව විසින් පිරිමි ළදරුවා අලවෙට්ටි පළාත් රෝහලට ඇතුළත් කළ බව ය.
පසුව එම බිළිඳා තෙලිප්පලෙයි රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව සඳහන්.පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් බිළිඳා මියගොස් ඇති බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් බිළිඳාගේ මව තෙලිප්පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. (පුවත්පත්)