2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සරත් ෆොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි.

2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම සඳහා  සමගි ජන බලවේගයේ (SJB) සභාපතිවරයා . ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත  ඇප මුදල් තැන්පත් කර තිබේ.
පසුගිය සතියේ සිකුරාදා වන විට අපේක්ෂකයින් 14 දෙනෙකු ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇති බව වාර්තා විය.
මැතිවරණ කොමිෂන් සභාවට අනුව 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 17,140,354ක් සුදුසුකම් ලබා සිටිති.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා සිදුකෙරේ

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.