අතුරුදන් වූ දෙමටගොඩ දුම්රිය අංගණ සේවකයාගේ සිරුර සොයා ගැනේ

අතුරුදන්ව සිටි බව කියන දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයාගේ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වේ.
දෙමටගොඩ දුම්රිය අංගණ පරිශ්‍රයේ අනාරක්ෂිත ළිඳක තිබී අතුරුදන් වූ සේවකයාගේ සිරුර අද ගොඩගනු ලැබුවා.
වාර්තා වන අන්දමට දෙම්ටගොඩ දුම්රිය අංගනයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ පුද්ගලයා රාජකාරියේ යෙදී සිටියදී අද අලුයම 01.30 සිට අතුරුදන්ව ඇත.
ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකථනය සහ සෙරෙප්පු පරිශ්‍රයේ ළිඳක් අසල සිටි සෙසු සේවකයන් විසින් සොයා ගෙන ඇති අතර පසුව ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇත.
කෙසේ වෙතත්, නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතුරුදන් වූ සේවකයාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
අතුරුදන් වූ සේවකයා සොයා ගැනීමට ප්‍රමාණවත් සහයක් ලබා දීමට දුම්රිය බලධාරීන් සහ පොලිසිය අපොහොසත් වූ බව පවසමින් දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් අද රාජකාරීවලින් ඉවත් වුණා.

රාජකාරීවලින් ඉවත්වීම හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වීම සහ අවලංගු කිරීම හේතුවෙන් මහජනතාව, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් දැඩි අපහසුතාවට පත්වී තිබුණි.
මෙවන් තත්ත්වයක් යටතේ අතුරුදන් වූ සේවකයාගේ බඩු බාහිරාදිය හමුවූ පෙර ළිඳට සම්බන්ධ තවත් ළිඳක් සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් සමඟ පොලිසිය අද යළිත් වරක් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.
පොලීසිය සහ නාවික හමුදා කිමිදුම්කරුවන් එක්ව අද එම පරිශ්‍රයේ පිහිටි දෙවන අනාරක්ෂිත ළිඳෙන් අතුරුදන් වූ සේවකයාගේ සිරුර ගොඩගනු ලැබුවා. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.