Thursday, February 27, 2025
Home » කැලණිවැලි දුම්රිය රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානයකට

කැලණිවැලි දුම්රිය රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානයකට

by blt-ame
0 comment 1 minutes read

කැලණිවැලි දුම්රිය රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ වෙනත් ස්ථානයකට ගෙන යන බව රජය පවසයි.

පාගිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසේ පදිංචිකරුවන්ගෙන් විශාල ප්‍රතිශතයක් වසර 30 කට වැඩි කාලයක් අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ බව රජය ප්‍රකාශ කර ඇති අතර මේ වන විට පවුල් 350 ක් නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙම පවුල් වෙනත් ස්ථානයකට රැගෙන යාමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹගේ මාවත නිවාස යෝජනා ක්‍රමයේ මෙන්ම දුම්රිය ව්‍යාපෘතිය මගින් ඉදිකරන කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙනම නිවාස සංකීර්ණයක් ද එම පවුල් නැවත පදිංචි කර නිවාස ලබාදීමට නියමිතය.
මේ අතර කිරුළපන දුම්රිය ස්ථානය දක්වා අනවසර පදිංචිකරුවන් ස්ථානගත කිරීම දැනටමත් අවසන් කර ඇති බව රජය පවසයි. (පුවත්පත්)

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00