කැලණිවැලි දුම්රිය රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ වෙනත් ස්ථානයකට ගෙන යන බව රජය පවසයි.
පාගිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කොටසේ පදිංචිකරුවන්ගෙන් විශාල ප්‍රතිශතයක් වසර 30 කට වැඩි කාලයක් අනාරක්ෂිත තත්ත්වයන් යටතේ ජීවත් වූ බව රජය ප්‍රකාශ කර ඇති අතර මේ වන විට පවුල් 350 ක් නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙම පවුල් වෙනත් ස්ථානයකට රැගෙන යාමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹගේ මාවත නිවාස යෝජනා ක්රමයේ මෙන්ම දුම්රිය ව්‍යාපෘතිය මගින් ඉදිකරන කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙනම නිවාස සංකීර්ණයක් ද එම පවුල් නැවත පදිංචි කර නිවාස ලබාදීමට නියමිතය.
මේ අතර කිරුළපන දුම්රිය ස්ථානය දක්වා අනවසර පදිංචිකරුවන් ස්ථානගත කිරීම දැනටමත් අවසන් කර ඇති බව රජය පවසයි. (පුවත්පත්)