කොළොන්නාව ගංවතුරට මුහුණ දීම සඳහා කරුණු 16ක සැලැස්මක් කැබිනට් මණ්ඩලයට.

කොළොන්නාව ගංවතුරට හේතු සොයා බැලීමට කමිටුවක් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට කොළ එළිය ලැබී තිබේ.

කොළොන්නාව ප්‍රදේශය දිගින් දිගටම ගංවතුරට යටවීමට බලපෑ හේතු සොයා බැලීමට ජුනි මාසයේදී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සහ කොළොන්නාව නගරය ප්‍රතිසංවිධානය කිරීම සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම මෙම කමිටුවට පැවරුණු බව රජය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව සකස් කළ වාර්තාව, නාගරික සංවර්ධන අධිකාරියේ කොළොන්නාව නගර සංවර්ධන සැලැස්ම, කොටිකාවත්ත මුල්ලේරියාව නගර සංවර්ධන සැලැස්ම ඇතුළු නිර්දේශ 16ක් එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇත.

එවැනි තත්ත්වයන් නැවත ඇති වීම වැළැක්වීම සඳහා මාස 04ක කාලයක් තුළ සැලසුම් සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමගින් නිසි අධ්‍යයනයකින් පසු අදාළ වගකිවයුතු ආයතන හරහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය මගපෙන්වීම සහ අධීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.